2020 දී රනිල් අගමැති : ඩිලාන් අංගොඩ

2020 දී රනිල් අගමැති : ඩිලාන් අංගොඩ

2020 වසරේ මේ රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් යලිත් රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන්  පවසයි.

ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකිරීමට නියමිත ඩයගම වෙවර්ලි වතුයායේ නිවාස 80 ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පලනි දිගම්බරන් කියා සිටියේ තමන් වතුකරයේ  ජනතාව වෙනුවෙන් වැඩ කිරිමට  පැමිණි අයෙකු බවයි.

මිට වසර දෙකකට ප්‍රථම වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ වතු හාම් පුතුන්ගේ සංගමය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප එදා  රුපියල් 1000 දක්වා වැඩි කිරිමට නොහැකි වුයේ තමන් එය පාවා දුන් බවට හිටපු අමාත්‍යය ඩිලාන් පෙරේරා  ප්‍රකාශයක් කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

තමන් වතු කම්කරුවන් වෙනුවෙන් වැඩ කිරිමට පැමිණි නායකයකු බවත්, බලය රැක ගැනීම සදහා හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මෙන් ප්‍රතිපත්ති පවා නොදෙන බවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලමේනතුවට පැමිණි ඩිලාන් පෙරේරා මහතා වර්තමානයේ එකාබද්ධ විපක්ෂය සමග එක් වි, හිටපු ජනාධිපතිවරයා මෙරටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් යලිත් පත් කිරිමේ උත්සහයක නිරත වි සිටියත්, එය කිසි දිනක ඉටු නොවන උත්සහයක් බවද  අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඉදිරි මහ මැතිවැණයේ දි ඩිලාන් පෙරේරා මහතාට සිදු වෙන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට බවත් හැකිනම් අංගොඩ පිහිටි මානසික රෝහලෙන් මොළය පරික්ෂා කරනගන්නා ලෙසද එහිදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න