සෙංකෝලය උස්සන්න ගිය ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් !

සෙංකෝලය උස්සන්න ගිය ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් !

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතාට පාර්ලිමේන්තු තහනමක් පැනවීමට පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

LTTE සංවිධානය සම්බන්ධව හිටපු  රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කරන ලද ප‍්‍රකාශයකට විරෝධය පල කරමින් පාර්ලිමේන්තුවේදී ඉතාම පහත් ආකාරයට හැසිරීමත් උත්තරීතර පාර්ලිමේන්තුවේ අභිමානය සලකුණු කරන සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීම  සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව සිදුකළ කරුණු විමසීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.

එම කරුණු විමසීමේදී  මන්ත‍්‍රීවරයා චෝදනා සම්බන්ධව වරද පිළිගෙන ඇති බවද පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන අතර ඒ අනුව මන්ත‍්‍රීවරයාට අවම ලෙස සති 4ක කාලයක් පාර්ලිමේන්තු තහනමකට ලක් විය හැති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න