ජෝන්ට ඒකාබද්ධය තිත්ත වෙයි : ගෙදර යන්න තීන්දුවක් ගනියි !

ජෝන්ට ඒකාබද්ධය තිත්ත වෙයි : ගෙදර යන්න තීන්දුවක් ගනියි !

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් විසින් සිදුකරන ප‍්‍රකාශ හා ක‍්‍රියාකාරකම් නිසා තමන් බලවත් ලෙස සිත් තැවුලට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න පවසා ඇත.

මෙම තත්ත්වය සමථයකට පත් කර ගැනීමට නොහැකි දුෂ්කර තැනකට පත්ව ඇති බවත් ඒ හේතුවෙන්  දේශපාලනයෙන් සමු ගැනීමට තමන් තීරණය කර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිස් විසින් තැන තැන ගොස් හරයක් නැති විවිධ ප‍්‍රකාශ කරන බවත් මන්ත‍්‍රීවරයා සදහන් කර ඇති බවද වාර්තා වන අතර ආණ්ඩුවෙන් එළියට එන අවස්ථාවේ තමන් මෙවැනි තත්ත්වයකට පත්වනු ඇතැයි කිසිසේත් නොසිතූ බවද සඳහන් කර ඇත.

මේ අතර මන්ත්‍රීවරයාගේ දේශපාලන හිතවතුන්   සටන අවසානය තෙක් කරගෙන යන ලෙසත්   එසේ කල නොහැකි වුවහොත් පමණක්  දේශපාලනයෙන් සමුගන්නා ලෙස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න