ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති : මාස 3කට හිරේ !

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති : මාස 3කට හිරේ !

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා සභාපති (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) එම්.කේ අමිල් ට අද (17) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 3ක සිර දඬුවමක් නියම කර තිබේ.

වසරක සිර දඬුවමක් මාස 3කින් ගෙවිය යන පරිදි අධිකරණය විසින් මෙම සිර දඬුවම පමුණුවා ඇති අතර 2013 ඇඹිලිපිටිය පනාමුරේ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බදා කිරිමේ සිද්ධියකට අදාලවය.

හිස් ආවරණ නොමැතිව යතුරුපැදියක් පදවමින් යන අවස්ථාවේදි එම යතුරුපැදිය නතර කිරීම සම්බන්ධයෙන් අදාල පොලිස් නිලධාරියාට සභාපතිවරයා බැන වැදී පහර දීමෙන් ඔහුගේ රාජකාරීයට බාධා කිරීමේ වරදට අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ. 

මේ අතර,  අදාළ පොලිස් නිලධාරියාටද රුපියල් 30 000ක වන්දි මුදලක් ගෙවිමට නියම කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න