නඩු දෙකකින් බැසිල්ට රට යන්න අවසර !

නඩු දෙකකින් බැසිල්ට රට යන්න අවසර !

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදල් සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය  බැසිල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩු දෙකකට අදාළව ඒ මහතාට විදේශගතවීම සඳහා අද(17) කොළඹ මහාධිකරණය අවසර ලබාදී ඇත.

එම නඩු දෙක පිළිවෙළින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සහ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ යන විනිසුරුවරුන්  හමුවේ කැඳවනු ලැබීය.

එහිදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා  ඇත්තේ අගෝස්තු මස 10 වන දා සිට ඔක්තෝබර් මස  31 වනදා දක්වා කාලසීමාව තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තම සේවාදායකයාට ඇමරිකා එක්සත් ජනපදයේ යාමට අවශ්‍යව තිබෙන බවය.

ඒ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන මෙන්ද එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව අදාළ කාලසීමාව සඳහා විදේශගත වීමට විත්තිකාර බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාට ගිහාන් කුලතුංග සහ ආර්.ගුරුසිංහ යන විනිසුරුවරුන් අවසර ලබාදී ඇත.

2015 ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අණු හතර ලක්ෂයක මුදලක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් මහතා ඉදිරියේ නඩුවක් පවරා තිබේ.

අනෙක් නඩුව පවරා තිබෙන්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවි නැගම අරමුදලට අයත් රුපියල් මිලියන 2992 දෙකක මුදලක්  සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා කරමිනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න