ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමෙන් රටට කිසිම නපුරක් වන්නේ නැති නමුත් විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වැනි සංවිධාන කිහිපයක් ඔවුන් වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් විශේෂඥයන් යැයි සිතමින් කිසිදු පදනමකින් තොරව ඊට චෝදනා එල්ලකරන බව ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවති ශ්‍රී ලංකා-සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධ විවාදයේ අදහස් දක්වමින්ය.
අදාළ ගිවිසුම සම්බන්ධව අසත්‍ය පතුරවමින් සිටින GMOA එක වෘත්තීය සමිතියක් පමණක් බවත් එසේම එය පොහොට්ටුවේ වෘත්තීය සමිතියක් බව දැන්මම ඔප්පු වෙලා අවසන් බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
නිදහස ලැබිලා වසර 70 යි : ඒත් ආර්ථික නිදහස ?
අපට නිදහස ලැබී මේ වන විට වසර 70 කටත් වැඩියි. නමුත් අපිට අවංකවම කියන්න පුලුවන්ද අපට ආර්ථික නිදහස ලැබිලා තියෙන බව ? නිදහස ලැබී වසර 70 කට පසුත් මිලියන ගණනක් රටේ ජනතාව දිනකට වේල් දෙකක් වත් ආහාර ගන්න බැරිව සිටිනවා. තවත් සමහරැ තමන්ගේ දරැවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට බැරැව සිටිනවා. තවත් සමහරක් ජනතාව හොඳ රැකියා සොයමින් ඉන්නවා. මේ සියල්ලටම හේතුව අප රටක් වශයෙන් ආර්ථික නිදහස ලබාගැනීමට අසමත් වීමයි. එසේ ආර්ථික නිදහස ලබා ගැනීමට නොහැකිවීමට ප්‍රධාන හේතුව රටේ ප්‍රගතිය වෙනුවට තම වාසිය පිළිබඳ සැලකූ දේශපාලනයයි. රජයක් ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට යම් ප්‍රගතිශීලී පියවරක් ගත්විට විපක්ෂය උපරිමයෙන් උත්සහ දරනවා එම වැඩසටහන් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නවත්තන්න.
ඒත් එක්කම අප මේවනතෙක් අනුගමනය කරන ලද වෙළඳ ප්‍රතිපත්ති වෙනස් කල යුතුව තිබෙනවා. දේශීය වෙළඳපලට පමණක් අවදානය යොමුකරමින් අනුගමනය කරන ලද ආරක්ෂණවාදී වෙළඳපල ප්‍රතිපත්ති අපට අවශ්‍ය කරන ප්‍රතිඵල ගෙනදීමට අසමත්වී තිබෙනවා. එහෙත් කලාපයේ අනෙකුත් රටවල අත්දැකීම මීට සම්පුර්ණයෙන්ම වෙනස්. සිංගප්පූරැව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය තායිවානය ඇතුලු රටවල් රාශියක් විවෘත වෙළඳපල ප්‍රතිපත්ති අනුගමනය කිරීම හරහා ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට මෙන්ම ව්‍යාපාර වලට වඩාත් හිතකර පරිසරයක් ස්ථාපිත කිරීමට සමත්ව සිටිනවා. මෙම රටවල් වෙළඳාම හා ආයෝජන වැඩිකරගැනීම ඔවුන්ගේ සංවර්ධන ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කලත් අප රටක් වශයෙන් එසේ සිදුකළේ නෑ. දැන් අපට අවස්ථාවක් ලැබී තියෙනවා අප අනුගමනය කරපු ප්‍රතිපත්ති වෙනස් කරලා අපට මගහැරැනු සංවර්ධන අවස්ථා ලබාගන්න.
2017 දී ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා කළා
2017 දී ශ්‍රී ලංකාවට හැකිවුනා ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා කරන්න. ඒ ඩොලර් බිලියන 15.15 ක්. මට විශ්වාසයි මේ වසරේදී අපට ඩොලර් බිලියන 17.2 ක අපනයන ආදායමක් ලබාගන්න හැකිවන බව. 2017 වසරේදී විශාල සෘජු ආයෝජන ප්‍රමාණයක් ලබා ගැනීමටද අපට හැකිවුනා. 2017 දී අප ලද සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 ක්. මට විශ්වාසයි මේ වසරේදී ඩොලර් මිලියන 2.5 ක සෘජු හැකි වන බවට.
එසේ නමුත් අනෙකුත් ආසියානු රටවල් හා සන්සන්දනය කිරීමේදී ශ්‍රි ලංකාවේ අපනයන ආදායම ඉතාම අඩුයි. සිංගප්පූරැවේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 480ක් තායිවාන් එය ඩොලර් බිලියන 340 ක්. තායිලන්තයේ එය බිලියන 254යි.වියට්නාමයේ එය බිලියන 250යි. මැලේසියාවේ එය ඩොලර් බිලියන 230 ක්. ශ්‍රී ලංකාවට පසු ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ වූ බංගලාදේශයේ වාර්ෂික අපනයන ආදායම ත් දැන් ඩොලර් බිලියන 41 ක්. මෙම රටවල් වලට ලැබෙන සෘජු විදේශ ආයෝජනත් ඉහළ මට්ටමක පවතිනවා. සිංගප්පූරැව ට ලැබුනු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 77 ක්. වියට්නාමයට ලැබුනු සෘජු ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 12 ක්. තායිලන්තයට සහ තායිවානයට පිළිවෙලින් ඩොලර් බිලියන 9 ක් සහ 5 බැගින් සෘජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා.
අලුතින් සිතීම අතින් ලංකාව පසුපසින්
මෙහිදී අප හඳුනාගත යුතු කරුණ තමයි මේ රටවල් සියල්ලම නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹ ඇතිබව සහ වෙළඳාම ලිහිල් කර ඇති බව. ඒ හරහා මේ රටවල් වලට හැකිවී තිබෙනවා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට. ඒ හරහා මෙම රටවල් කෙටි කාලයක් තුළ ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙනවා වගේම තම රටේ ජනතාවට හොඳ රැකියා ලබාදීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමටද ක්‍රියාකොට තිබෙනවා.
මින් ඉතා පැහැදිළිව අපට පෙන්නුම් කරන්නේ අපි අපේ තරඟකාරීන් සමඟ සසඳා බලද්දී අලුතින් සිතීම අතින් කොතරම් පසුපසින් සිටිනවාද යන්නයි
තුන්වන ලෝකයේ රටක්ව සිට සංවර්ධිත රටක් බවට පත්වුනු එක රටක් හෝ තියෙනවද ජාත්‍යන්තර වෙළඳාමට විවෘත හා විදේශ ආයෝජන වලට විවෘත නොවී ? මම අභියෝග කරනවා එහෙම එක රටක් හරි තියෙනවා නම් සඳහන් කරරන්න කියලා. සත්‍යය නම් එවන් එක රටක් වත් නෑ.
මිලියන 21 වෙළඳපොලට සීමාවී ආර්ථික සංවර්ධනය ලබන්න බෑ
අපිට රටක් වශයෙන් ඉතා දිගු ගමනක් තිබෙනවා. එහෙත් අපි මිලියන 21 පමණක් සිටින අපේ දේශීය වෙළඳපලට පමණක් අවදානය යොමු කළහොත් අපිට කවදාවත් රටක් වශයෙන් අපට අවශ්‍ය කරන සීඝ්‍ර ආර්ථික වර්ධනය ළඟාකරගන්නට හැකිවෙන්නේ නැහැ. අපිට රටක් වශයෙන් ඇති විසඳුම වන්නේ ගෝලීය වෙළඳපල සමඟ සම්බන්ධ වීමයි. මෙම වෙළඳ ගිවිසුම් වලට එළඹීමේ මූලික පරමාර්ථය වන්නේ එයයි. වෙළඳ ගිවිසුම් හරහා අපට හැකිවෙනවා නව වෙළඳපලවල් වලට පිවිසීමට ආයෝජන ලබාගැනීමට මෙන්ම නව තාක්ෂණය ලබා ගැනීමට. ඒ හරහා අපට පුලුවන් ගෝලීය වෙළඳපලේදී ලෝකයේ අනෙකුත් රටවල් හා තරඟ කරන්න සහ ඒ හරහා සංවර්ධනය ළඟා කර ගන්න.
ගෝලීය වෙළදපල සමඟ සම්බන්ධවීමේ වැදගත් කම
ජීවන වියදම සම්බන්ධයෙන් වන කැබිනට් කමිටුවේ සභාපතීත්වය දරන්නේ මමයි. මෙහිදී ජීවන වියදම අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී අප බොහෝ විට කතාකරන්නේ භාණ්ඩ වල මිල අඩුකිරීම සම්බන්ධවයි. නමුත් භාණ්ඩවල මිල අඩුකිරීම යනු ජීවන වියදම ඉහළ යාම කියන ගැටලුවේ එක පැත්තක් පමණයි. එහි අනිත් පැත්ත නම් ජනතාවට ලැබෙන ආදායම යි. ජනතාවගේ ආදායම ඉහළ දැමීම හරහා අපට පුලුවන් ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කරන්න සහ වඩාත් ගුණාත්මක ජීවිතයක් ඔවුන්ට ලබාදෙන්න. වර්තමානයේ පවතින තරඟකාරී වෙළඳපල ආර්ථිකය තුල එසේ ආදායම ඉහළ දැමිය හැකි එකම ක්‍රමය නම් ගෝලීය වෙළදපල සමඟ වඩාත් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගැනීමයි.
මෙසේ ගෝලීය වෙළඳපල හා සම්බන්ධවීමේදී දේශීය කර්මාන්තවලට සිදුවන බලපෑම පිළිබඳ අප අවදානය යොමුකරනවා. එහෙත් අපට බැහැ ඒ කරැණ සම්බන්ධයෙන් විතරක් සලකලා බලලා තීන්දු-තීරණ ගන්න. අපි රජයක් වශයෙන් සූදානම් දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීමට සහයෝගය ලබාදෙන්න. අපි දැනටත් ඒ කටයුත්ත කරනවා. එහෙත් සහයෝගය ලබාදීම කියන්නේ ආරක්ෂණවාදයට නෙවෙයි. ආනයනය කරන භාණ්ඩ මත අතිවිශාල තීරැබදු පනවමින් ක්‍රියාත්මක කරනු ලබන ආරක්ෂණවාදී ප්‍රතිපත්ති හරහා දේශීය කර්මාන්ත දියුණු කල නොහැකියි. එවැනි ආරක්ෂණවාදී ප්‍රතිපත්ති හරහා කර්මාන්ත අකාර්යක්ෂම වන අතරම පාරිභෝගිකයන්ට භාණ්