සාගල සහ ජෝන් අමරතුංග මේ සිකුරාදා ආකේඩ් සංස්කෘතික වැඩසටහනට

සාගල සහ ජෝන් අමරතුංග මේ සිකුරාදා ආකේඩ් සංස්කෘතික වැඩසටහනට

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන්  කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ  සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව ​පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන​  ලබන සිකුරාදා (20) පස්වරු 7.00 ට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයු​තු​ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.​​​

 මෙම සංදර්ශන සෑම සිකුරාදාවකම සවස 7ට කොළඹ ආකේඩ් හි දි ​පැවැත්වෙන අතර මෙම වැඩසටහන නැරඹීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

 ගායන, වාදන මෙන්ම නැටුම් සහ වෙනත් සංස්කෘතික අංග ද මේ සඳහා ඇතුළත් කොට තිබෙන අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද මෙය සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබා දෙයි.  සංචාරක අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන 2017-2020 සංචාරක උපායමාර්ගික සැලස්මේ ද අගනුවරට පැමිණෙන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා මෙබඳු වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසුවේ මේ වැඩසටහන ආරම්භයක් පමනක් බවත් ඉදිරියේ දී තවත් වර්ණවත් අංග මෙයට එක් කෙරෙනු ඇති බවත් ය.
 අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ උපදේශක මේජර් ජෙනරාල් මිහිඳුකුලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර මේ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම වැඩසටනහට මේ වන විටත් යහට්පත් ප්‍රතිචාර බොහෝ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති බව ය.

එමෙන්ම ආකේඩ් සහ නිදහස්  චතුරශ්‍රයේ වත්මන් වටපිටාවට බාධා සිදු නොවන අයුරින් මෙය පැවැත්වෙන බව කී කුලසූරිය මහතා ඉදිරියේ දී අගනුවර ආශ්‍රිතව තවත් ස්ථානවල ද මෙම සංස්කෘතික වැඩසටහන පැවැත්වීමේ ඇති හැකියාව ගැන සොයා බලන බව ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න