රැස නව කර්තෘ රංජිත් කුමාර 

රැස නව කර්තෘ රංජිත් කුමාර 

'රැස'දිනපතා ජාතික පුවත්පතේ අභිනව ප්‍රධාන කතෘවරයා ලෙස රංජිත් කුමාර සමරකෝන් පත්ව තිබේ.

 'රැස'ආරම්භක කර්තෘ වූ චාමර ලක්ෂාන් කුමර මහතාගේ හදිසි අභාවයෙන් පසුව එකී පුවත්පතේ වගකීම රංජිත් කුමාර සමරකෝන් මහතා වෙත පැවරී තිබේ.

ප්‍රවීණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර මහතා සමඟ 'රැස' පුවත්පතේ ආරම්භක සාමාජිකයෙකු වූ රංජිත් කුමාර සමරකෝන් එහි විශේෂාංග කතෘවරයා ලෙස කටයුතු කළ අතර පසුව එහි නියෝජ්‍ය කතෘ බවට පත් විය.

කලක් ජාතික තරුණ සේවා සභාවේ කටයුතු කළ හෙතෙම අනතුරුව පුවත්පත් මාධ්‍ය වෙත ප්‍රවිශ්ඨ විය. මීට වසර කිහිපයකට පෙර ලක්බිම පුවත්පතේ 'ප්‍රතිභා'සාහිත්‍ය අතිරේකය සංස්කරණය කරමින් මාධ්‍ය ක්ශේත්‍රයේ ස්වකීය සලකුණ තැබූ රංජිත් කුමාර සමරකෝන් ලක්බිම පුවත්පතේම 'එන් ජෙනරේෂන්'අතිරේකයද සංස්කරණය කළේය. එසේම මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස  මෙන්ම  සැලසිනේ ආයතනයේ  විශේෂ ව්‍යාපෘති කලමනාකරු වශයෙන්ද කටයුතු කර ඇත.

ලක්බිම පුවත්පතට රංජිත් කුමාර සමරකෝන් විසින් රචිත 'හුස්ම ගන්න අකුරු' පාඨක විචාරක දෙපාර්ශවයේම නොමද කතා බහට ලක් වූ කෘතියක් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න