කුරුණෑගල ඉඩම් කට්ටියකින් ලක්ෂ දෙකහාමාරක ගැහිල්ලක්

කුරුණෑගල ඉඩම් කට්ටියකින් ලක්ෂ දෙකහාමාරක ගැහිල්ලක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ  ඉඩම් කට්ටි කර විකිණීම වැළැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්  පසුගිය වසරේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී කළ නියෝගයකින් පසුව, මෙහි වින්දිතයින් පිළිබඳ සොයා බැලීමට පත්කල කමිටුව එක් වින්දිතයෙකුගෙන් ලක්ෂ දෙකහමර බැගින් ඉල්ලා සිටීමට පටන් ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ජනාධිපති නියෝගයෙන් පසු ඒවන විටත් කට්ටි කට්ටි කිරීම අරඹා  තිබූ ඉඩම් හිමියන් පත්ව තීබූ පීඩාව පිළිබඳ සොයා බැලීමට පත්කරනු ලැබූ මෙම කමිටුව  අමාත්‍ය එස්. බී. නාවින්න, වයඹ ප්‍රදාන අමාත්‍ය ධර්මසිරි දසනායක හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකමවරයාගෙන් සැදුම්ලත්ව ඇත.

වාර්තා වන ආකාරයට අදාළ කමිටුව විසින් මේවන විට අක්කර 4ට අඩු ඉඩම් කට්ටි කිරීමට අවසර ලබාදී ඇති අතර ඒ සදහා කිසිදු පදනමකින් තොරව ඉඩම් හිමියන් ගෙන් ලක්ෂ දෙකහාමාර බැගින් ඉල්ලාසිටීමට පටන් ගෙන ඇත.

මෙම ලක්ෂ දෙකහාමාරක මුදල රජයට අයවිය යුතු මුද්දර ගාස්තුවක් හෝ වෙනයම් ගාස්තුවක් නොවන අතර එය මුළුමනින්ම  අල්ලසක් පමණක් බව ඉතා පැහැදිලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න