විමල් වීරවංශගෙන් අළුත් සොයා ගැනීමක් !

විමල් වීරවංශගෙන් අළුත් සොයා ගැනීමක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන්   ස්ථාපිත  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය දරන්නේ කවුද යන්න පවා නොදැන සිටින බව අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙහෙයුම් කමිටුවේ  සභාපති කතානායකවරයා බවට ප්‍රකාශ කරමින් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙහෙයුම් කමිටුවේ  සභාපති  වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඒ ගැන කිසිවක් නොදන්නා බව තහවුරු වූයේ කතානායකවරයා විසින් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවන බව පෙන්වාදුන් විට ඔහු දැක්වූ ප්‍රතිචාරය හමුවේය.

එහිදී තමන්ට අතපසුවීමක් සිදුවීද යන්න ගැන පවා ඔහුට අවබෝධයක් නොතිබූ බව අප ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව අදහස් විමසීමේදී කාලයක් තිස්සේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ළඟින් ඇසුරු කළ මන්ත්‍රීවරයෙකු ඔහු ගැන අතීත සිදුවීමක් මෙසේ සිහිපත් කළේය.

"එකපාරක් ජවිපෙ තිබුණා සාහිත්‍ය සම්මන්ත්‍රණයක්. ඒ සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයා වුණේ විමල් වීරවංශ. එදා එයා ඔය අද කිව්වා වගේම කතාවක් කළා. ඒ කතාවේදී විමල් කියනවා  The old man and the sea කියන පොත ගැන. ඒක ලියන්නේ  අර්නස්ට් හෙමිංවේ කියන ලේඛකයා. ඔය පොත පස්සේ සිංහලයට පරිවර්තනය කරන්නේ සිරිල් සී. පෙරේරා,ඒ "මහල්ලා සහ මුහුද" නමින්. නමුත් විමල් එයාගේ කතාවෙදි කියන්නේ මහල්ලා සහ මුහුද පොත ලිව්වේ  ගී ද මෝපසාං කියලා. හතර අතේ වරද්දා ගැනිල්ලක් වුණත් විමල් ඔහේ කතාකරගෙන ගියා. යන්තම්වත් තේරුණේ නෑ වැරදුණා කියලා. පස්සේ තමයි කාරණය දැනගත්තේ. ඒ විමල්ට මේ කතාව ලියලා දුන්න පක්ෂයේ කෙනාට වැරදිලා. විමල් කිසිම හොයලා බැලිල්ලක් නැතිව ඒ කතාව ඔහේ කියවලා. ඔය තමයි එයාගේ හැටි."

"ඔය වගේ හාදයෝ තමයි ඔය ව්‍යවස්ථාව, භෞමික අඛණ්ඩතාව වගේ කතා කියවන්නෙ. වචන විතරයි, තේරුමක් දන්නෙ නෑ"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න