ඇලෝ සහ කසුන්ව හාමතේ තියලා !

ඇලෝ සහ කසුන්ව හාමතේ තියලා !

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන  දෙදෙනාට අද (19) උදෑසන 6 සිට පැය 8 පමණ කාලයක් කෑම හෝ වතුර ලබා දී නැතැයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට කරුණූ වාර්තා කර ඇති බව වාර්තා වෙයි.

මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැදවු අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.

එම නඩුව ආරම්භ වන මොහොතේ එනම් දහවල් 1.30ට බන්ධනාගාර රැඳවියන් වෙත දහවල් ආහාරය සැපයු බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.

එහෙත් සැකකරුවන් දෙදෙනා මෙතෙක් නිරාහාරව සිටීම සම්බන්ධයෙන් මීට වඩා සැළකිල්ලක් යොමු කළ යුතු බවත් මින් ඉන් ඉදිරියට එවැන්නක් සිදුනොවන ආකාරයට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට  අවවාද කර ඇත.

එසේම සැකකරුවන් තවදුරටත් ලබන 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න