හිතුමතේ කුඹුරු ගොඩකරන්න දුන්න : 500කට  වැඩ වැරදියි !

හිතුමතේ කුඹුරු ගොඩකරන්න දුන්න : 500කට  වැඩ වැරදියි !

පසුගිය රජය සමයේ හිතුමතේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබාදුන් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් 500කට අධික පිරිසකගේ වැඩ තහනම් කිරීමට සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට නීතිමය අවසරයකින් තොරව එම නිලධාරීන් තනි තීරණ මත කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

එමෙන්ම බස්නාහිර පළාතේ පමණක් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මේ වන විට ඉල්ලුම්පත් 3500ක් පමණ ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න