පොලිස් බලතල ලැබෙන තුරු : හමුදාව සීරුවෙන් ! 

පොලිස් බලතල ලැබෙන තුරු : හමුදාව සීරුවෙන් ! 

මත් උවදුර ඇතුළු රටේ සිදු වන දුරාචාර දුරු කිරීම පිණිස යුද හමුදාවට ලබා දීමට යෝජිත පොලිස් බලතල අනුව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳහන් කර ඇත.

මත් උවදුර දුරු කිරීමට හමුදාවන්ට කෙටි කලකට පොලිස් බලතල ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව මේ සම්බන්ධව තමාට දැනුම් දී ඇති බවත්, ඒ අනුව පොලිස් බලතල ලබා දුන් පසු කටයුතු කළ යුතු ආකාරය ගැන විශේෂයෙන්ම පොලීසිය, විශේෂ කාර්ය බළකාය හා බුද්ධි අංශ සමඟ ඒකාබද්ධ වී කටයුතු කළ යුතු ආකාරය මේ වන විට සාකච්ඡා කර ඇති බවත්  හමුදාපතිවරයා සඳහන් කර තිබේ.

එසේම පොලිස් බලතල ලද හොත් මත්කුඩු ‍මෙරටට ආනයනය කරන්නන්, බෙදාහරින්නන්, හා මත්කුඩු භාවිත කරන්නන් ඇතුළු සියලු දෙනාම නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවත් ලෝකයේ දරුණුම ගරිල්ලා සංවිධානයක් යුද වශයෙන් පරාජය කළ ශ්‍රී ලංකා යුද හමුදාවට මත් උවදුර දුරු කිරීම එතරම් ගැටලුවක් නොවනු ඇති බවද ඔහු පවසා තිබේ.

දැනට හිස ඔසවමින් පවතින පාතාලය සම්බන්ධයෙන් ද හමුදාපතිවරයා එහිදී අදහස් දක්වා ඇති අතර  යුද හමුදාවේ ශක්තිය රටම දන්නා බවත්, ඒ අනුව නීත්‍යනුකූලව හමුදාවට ලැබෙන බලතල මත සියලු කටයුතු සිදු කරනු ලබන  ශ්‍රී ලංකා යුද හමුදාව ඉතාම ශක්ති සම්පන්න බවද පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න