විශේෂ මහාධිකරණ නිසා අලුත් ඩීල් රැසක්

විශේෂ මහාධිකරණ නිසා අලුත් ඩීල් රැසක්

කඩිනමින් නඩු අසා දඬුවම් දීම සඳහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණ සක්‍රීය කිරිමත් සමග මහින්ද පිලේ ගෝඨාභය පාර්ශවය දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇති බව වාර්තා වන අතර මේ වනවිට ආණ්ඩුවේ ප්‍රබලයින් හමුවෙමින් හා දුරකථන ඔස්සේ ඔවුන් අමතමින් විවිධ අන්දමේ සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වේ.

විමල් වීරවංස, මහින්දානන්ද අලුත්ගමගේ මෙම පිරිසෙන් පෙරමුණේ සිටින අතර තමන්ට අදාළ නඩු මෙම අධිකරණයට යොමු වීම වළක්වා ගැනීම සඳහා ඔවුන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එසේම විශේෂ අධිකරණයේ පළමු නඩුව බවට ලැබී ඇති ආරංචිය නිසා මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත චෝදනා ඉදිරිපත් වී ඇති සිදුවීම් ගණනාවක නඩු ලිපිගොනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතී උපදේශකයින්ගේ උපදෙස් මත විශේෂ නීති නීතීඥ කණ්ඩායමක් වෙත යොමු කර නීති උපදෙස් ගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

 එසේම මෙම විශේෂ මහාධිකරණ සම්බන්ධව ජනතාව වෙත අප්‍රසාදයක් ඇති වන ආකාරයට පුවත් නිර්මාණය කිරීමටත් එහිදී දූෂණ, අක්‍රමිකතා සහ අපරාධවලට සම්බන්ධව විස්තර දැක්වීම්  වෙනුවට රාජපක්ෂලාට එරෙහි දේශපාලන පළිගැනීම් ලෙස වාර්තා කරන ලෙසට ඔවුන්ට හිතවත් මාධ්‍ය වෙත උපදෙස් දී ඇති බවද දැනගන්නට ඇත. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ නඩු විභාග වන අවස්ථාවලදී අධිකරණය අසලට ආබාධිත හමුදා සාමාජිකයන් කැඳවා මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීමට සූදානමක් පවතින බවද අනාවරණය වී ඇත. නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ වැනි අයද මෙම විශේෂ අධිකරණ පිහිටුවීම සම්බන්ධව දැඩි තැතිගැන්මකට පත්වී සිටින බවත් ඒ නිසා ආණ්ඩුවත් සමග අලුත් එකඟතාවලට පැමිණීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

 කෙසේ වෙතත් මෙම අධිකරණය, පැවති ආණ්ඩුවේ වංචා දූෂණ පමණක් විභාග කරනු ඇතැයි සැකයක් මතුව තිබෙන බවත් එසේ වුවහොත් එය ඉදිරියේදී බරපතළ ගැටළුකාරී තත්වයන් නිර්මාණය කරනු ඇති බවත් නීති විශාරධයෝ පවසති.

 (ලංකා ඉරිදා සංග්‍රහය)

මේ සම්බන්ධව මීට පෙර newstube.lk සිදුකළ අනාවරණය 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න