පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ලංකාවේ නිල  සංචාරයක 

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ලංකාවේ නිල  සංචාරයක 

ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය බදාදා (1) ශ්‍රී ලංකාවට පැමිණෙන බව  විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇය ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.

පොදුරාජ්‍ය මහලේකම්වරිය හෙට (1) දිනයේම  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ඉන්පසුව බ්‍රහස්පතින්දා (2) සහ සිකුරාදා (3) යන දිනවල මහලේකම්වරිය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක , රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් මුණගැසීමට නියමිතය.

මහලේකම්වරියගේ මෙම හමුවීම්වල ප්‍රධාන අරමුණ වන්නේ අන්තර්-පොදු රාජ්‍ය මණ්ඩලීය වෙළෙඳාම වැඩිදියුණු කිරීම ඇතුළුව ලන්ඩනයේ පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීමෙහිලා සහයෝගීතාව වර්ධනය කරගැනීමයි.

“පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥාප්තිය” ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. මෙම ප්‍රඥප්තිය යටතේ, කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩල වෑයමට ශ්‍රී ලංකාව නායකත්වය සපයයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න