“සුරක්ෂා විශේෂ අරමුදල” ගිවිසුම අත්සන් කරයි !

“සුරක්ෂා විශේෂ අරමුදල” ගිවිසුම අත්සන් කරයි !

2017 ඔක්තෝබර් මස 01 දින ආරම්භ කළ සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් ලක්ෂ හතළිස් පහක් වූ ජාතික, පළාත්, ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ගිහි සහ පැවිදි සිසුන් වෙත ද ලබාදීම සිදු කෙරේ.

මීට අමතරව “සුරක්ෂා විශේෂ අරමුදල”ට අදාළ ගිවිසුම අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහතා අතර පෙරේදා  (30) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අත්සන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ දායකත්වයෙන් මෙම අරමුදල පිහිටුවා ඇත.

“සුරක්ෂා විශේෂ අරමුදල” පිහිටුවීමේ අරමුණ වන්නේ ලක්ෂ 2 කට වැඩි වියදමක් දැරීමට සිදුවන රෝගාබාධ හා සැත්කම්වලදී මාපියන් සහ දරුවන් මුහුණ දෙන ආර්ථික අපහසුතා සහ සෞඛ්‍ය අවධානමෙන් ඔවුන් මුදාගනිමින් ඔවුන්ට ශක්තියක් වීමයි.

මූලික අදියරේ දී මෙම අරමුදලේ තැන්පත් කර ඇති මුදල රුපියල් මිලියන 100 ක් වන අතර තවත් රුපියල් මිලියන 400 ක මුදලක් ඒ සඳහා බැර කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ එකගතාව පලකර ඇත.

මෙම අරමුදල හරහා පාසල් දරුවන්ගේ පිළිකා ප්‍රතිකාර, හදවත් සැත්කම්, බයිපාස් සැත්කම්, වකුගඩු ආබාධ, ඉන්ද්‍රිය බද්ධ කිරීම් (වකුගඩු, පෙනහළු, අක්මාව,හදවත්, ඇටමිදුළු), අන්ධභාවය, පිළිස්සුම්, ක්ෂය රෝගය, උපතේ දී සිදුවන අංගවිකල තත්වයන්,  අංශභාග සහ එදිනෙදා අනතුරුවලදී සිදුවන දණහිස්, වැලමිට සන්ධි බිඳීයාම්, පාචනය, මොළයේ සැත්කම්, කොඳුඇට පේළියේ ආබාධ, ශ්‍රවණාබාධ ඇතුළු රෝග ප්‍රතිකාර කාණ්ඩ 18 ක් සඳහා රුපියල් ලක්ෂයේ (100,000) සිට දස ලක්ෂය (1,000,000) දක්වා අරමුදල් ලබාදීමට තීරණය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න