රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය - ජනතාව රෝහල් කමිටු හදාගත යුතු කාලය ඇවිත් 

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය - ජනතාව රෝහල් කමිටු හදාගත යුතු කාලය ඇවිත් 

එළඹෙන මස 03 වන දා දියත් කිරීමට නියමිත දීප ව්‍යාප්ත සංකේත වර්ජනයේ වෙනසක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇත්ත ඉල්ලීම් දෙක වන්නේ දැනට මාසිකව රුපියල් 35,000 ක් වන DAT  දීමනාව  රුපියල් 100,000 කර ගැනීම සහ ඔවුන්ගේ තේරීමට අනුව දරුවන්ට ජාතික පාසල් ලබා ගැනීමය. 

එයට වෘත්තිකයින්ගේ ආදායමට අනුව බදු සියයට 24 ක් අය කිරීම, සිංගප්පුරුව සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම, දීමනා ප්‍රතිපත්ති හැදීම යනාදිය ඔවුන්ගේ වර්ජනයට අනුන්ගේ සහයෝගය ලබා ගැනීමට එල්ලා ගෙන ඇති ඉල්ලීම් කිහිපයක් පමණි.

 ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මෙසේ සාරාංශ ගත කළ හැකිය.

'අපේ පඩි වැඩි කරන්න ඕන, අපේ දීමනා වැඩිකරන්නත් ඕන, අපිට වාහන පර්මිට් දෙන්නත් ඕන, හැබැයි අපිට අනිත් අයට ගහන ටැක්ස් එක ගහන්න බෑ,හැබැයි අපේ ළමයින්ට ඔය අනිත් සාමාන්‍ය එකාලගෙ ළමයින්ට  වගේ ගෙවල් ලඟ ස්කෝල දෙන්න බෑ. රෝයල් ආනන්ද නාලන්ද විශාකා වගේ ඒව ඕනෙ. ඒ වගේම  රජයෙන් වෙළඳ ගිවිසුම් ගහන්නත් බෑ, ඒවා කරන්න අපේ සංගමයෙන් අවසර ගන්න ඕන, එහෙම නොවුනොත් අපි අගෝස්තු 3 සියලු භාහිර රෝගීන් ගැන තැකීමක් නොකර ලංකාවෙමස්ට්‍රයික් කරනව...''

සැබවින්ම  ශ්‍රී ලංකා - සිංගප්පුරු ගිවිසුමට එරෙහිව යයි කියමින් වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරතවීම රෝගීන් බිල්ලට දෙමින් සිදු කරන අමානුෂික දේශපාලන ක්‍රියාවක් බව පැහැදිළිය. 

රාජ්‍ය සේවයේ වෙනත් කිසිඳු වෘත්තිකයකු නොලබන තරම් වරප්‍රසාද ලබමින් සිටින අතර තුර වෛද්‍ය සේවයට කොහෙත්ම අදාළ නොවන කටයුත්තකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මැදිහත්ව සිටින්නේ අගෝස්තු 2 ආරම්භ කරන ඒකාබද්ධ විපක්ෂයේ ජනබල සේනා විරෝධතාවට සහය දක්වන්නටය.

ඉහල වරප්‍රසාද භුක්ති විඳිමින් කරන පහත් වැඩ !

මේ අතර වෛද්‍යවරුන්ට ලබාදෙන බාධක සහ පැමිණීමේ ප්‍රවාහන දීමනාව හෙවත් DAT  දීමනාව ඉහළ දැමීම සඳහා මහා භාණ්ඩගාරයේ අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව සාමාන්‍ය වෛද්‍යවරයෙකුට මෙම දීමනාව රුපියල් 15,000කින් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25,000කින් ද ඉහළ යනු ඇත.මේ වන විට රජයේ සියලුම වෛද්‍යවරුන්ට ඩැට් දීමනාව ලෙස රුපියල් 35,000ක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මෙම දීමනාව ඉහළ දැමීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් පසුගිය දා නිර්දේශ ඉල්ලා තිබිණ.

ජාතික පාසල් :

දරුවන්ගේ පාසල් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයද  දොස්තරවරුන්ගේ දරුවන්ට පමණක් අදාල ප්‍රශ්නයක් නොවේ. එය වඩාත් බරපතල පහළ ආදායම් ලබන සාමාන්‍ය ජනතාවටයි. ජනතාව මෙවැනි නරුම ඉල්ලීම් සඳහා බර දැරිය යුත්තේ මොනවටද? දොස්තරලාට පෞද්ගලික ප්‍රතිකාර කරමින් හම්බකරන්නද?
ආණ්ඩු මෙවැනි ඉල්ලීම් වලට යට වන්නේ ඡන්දවලට බයේ වුනත් ජනතාව මේ මාෆියාවට තව දුරටත් ඉඩදී සිටින්නේ ඇයි කියා ප්‍රශ්න කළ යුතුය. 

මේ වෛද්‍ය මාෆියාවේ වර්ජන වලට විරුද්ධව ජනතාව රෝහල් කමිටු හදාගත යුතු කාලය බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න