එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි වාහන සඳහා බදු සංශෝධනයක් !

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි වාහන සඳහා බදු සංශෝධනයක් !

එන්ජින් ධාරිතාවය 1000 කට නොවැඩි මෝටර් රථ සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මස 01 දින සිට සංශෝධනය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව, එන්ජින් ධාරිතාව 1000 කට නොවැඩි සාමාන්‍ය මෝටර් කාර් 01 සඳහා අගෝස්තු මස 01 සිට ඒකක බද්ද ලෙස රු. 1,500,000 ක් ලෙස නියම කර තිබේ.

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි විදුලි බලයෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ද රු. 1,250,000 ලෙස සංශෝධනය කර තිබේ.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ  2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි (LC)විවෘත කරන ලදුව 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා මෙම නව බදු අදාළ වන්නේ නැත. එම කාලසීමාව තුළ ආනයනය කරනු ලබන වාහන පෙර පැවැති එන්ජින් ධාරිතාවය මත වූ නිෂ්පාදන බද්දට යටත් කරනු ලබන බවය.

සිගරට් මත වූ නිෂ්පාදන බද්ද සංශෝධනය කෙරේ

තවද දිගින් මි.මී. 72 ට වැඩි එහෙත් මි.මී. 84 ට අඩු සිගරට්ටුවක් සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු. 3.80 කින් වැඩිකර ඇති බවද මුදල් අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න