මගීන් අඩුවෙලා වාහන වැඩිවෙලා !

මගීන් අඩුවෙලා වාහන වැඩිවෙලා !

ලංකාවේ සෑම පුද්ගලයන් සිව් දෙනකුගෙන් එක් අයකුට වාහනයක් තිබෙන බව වාර්තා වී ඇති බවත්, මේ තත්ත්වය මත පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මඟී ජනතාව 70% සිට 48%ක් පමණ සංඛ්‍යාවකට අඩු වී ඇති බවත්, එය දියුණු වෙමින් පවතින රටකට ඉතා අහිතකර තත්ත්වයක් බවත් ප්‍රවාහන විශේෂඥ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ පවසයි.

 ඒ මහතා පවසන අන්දමට මෙරට ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 72ක් දක්වා ඉහළ නැඟ තිබේ. එයින් අක්‍රිය වාහන සංඛ්‍යාව මිලියන දෙකකට අඩු අතර, විශාල මාර්ග තදබදයට හේතුව ඉතිරි වාහන සියල්ල මෙරට මාර්ගවල ධාවනය කිරීමයි. ඇමෙරිකාව, කැනඩාව, අයිස්ලන්තය, නවසීලක්තය වැනි රටවල එක් අයකුට එක් වාහනයකට වඩා තිබීම ගැටලුවක් නොවුණත්, අධික ජන ඝනත්වයකින් යුත් ශ්‍රී ලංකාව වැනි රටක වාහන මෙලෙස අධික සංඛ්‍යාවක් තිබීම ගැටලු සහගතය. 

මේ නිසා වාර්ෂිකව ජාතික ආදා‍යමෙන් 2%ක පමණ මුදලක් මහාමාර්ග සඳහා වෙන් කිරීමට රජයට සිදුව ඇති අතර, එය දියුණු වූ රටක් පවා වෙන් නොකරනු ලබන ප්‍රතිශතයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න