දැරණියගල සභාපතිගේ හැසිරීම පිළිකුල් සහගතයි : නින්දිතයි !

දැරණියගල සභාපතිගේ හැසිරීම පිළිකුල් සහගතයි : නින්දිතයි !

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සම සභාපති එජාප ලක්ෂ්මන් රාජකරුණා (චීප් සයිඩ් රාජා) මහතා විසින් ව්‍යාපාරික මුස්ලිම් ජාතිකයෙකුට ඉතාමත් නීච අන්දමින් ජාතිය ඇදගෙන පරුෂ වචනයෙන් බැන වදිමින් ඔහුගේ ව්‍යාපාරය ඉවත් කර ගන්නා ලෙස තර්ජනය කරන ආකාරය දැක්වෙන විඩියෝවක් මේ වන විට සමාජජාල ඔස්සේ සංසරණය වෙමින් පවති.

මොහු මෙහිදී රටේ නීතිය උල්ලංඝනය කරන අතර මුසල්මානුවෙකු සභාපතිත්වය දරණ තම පක්ෂයටද නිගා කරයි.

එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයෙකු ලෙසත්, සභාපතිවරයෙක් ලෙසත් ඔහුගේ මෙම හැසිරිම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු මේ වන විට පිළිකුලෙන් යුතුව අදහස් දක්වා ඇති අතර මෙම විඩියෝවේ සටහන්ව ඇති පරිදි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාට බැණ වදින්නේ සිංහල මිනිස්සුන් කඩ කරන ස්ථානයක ව්‍යපාරයක් දැම්මට ඔහු කටයුතු කරන බව පවසමිනි.

කෙසේ වෙතත් මෙම විඩියෝව සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමක දී දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙසේ සඳහන් කර ඇත.

 "මේ සිද්ධිය වුණේ 03 වැනිදා. දැරණියගල ටවුන් එකේදි. මම දැරණියගල ටවුන් එකේ ප්‍රාදේශිය සභාවට අයිති කඩ කාමර දෙකක මුස්ලිම් ව්‍යාපාරික මහත්වරුන් දෙදෙනෙක් අතර ප්‍රශ්නයක් විසදන්න ගිහින් තමයි මේ ගැටලුව මතු වුණේ. මේක කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. ඒ වෙළෙදා පිටින් ආපු කෙනෙක්." යනුවෙනි.

මහජන නියෝජිතයෙක් ලෙස මේ ආකාරයට පරුෂ වචන භාවිතා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන්ද  ඔහුගෙන් ප්‍රශ්න කල විට ඔහු මෙසේ පවසයි.
"ඒ වේලාවේ ආපු ආවේගයට තමයි එහෙම වුණේ. ඒ දේ හොඳ නැහැ කියලා මම පිළිගන්නවා. ඒ අවස්ථාවේ ඒ අයත් මාත් එක්ක එකට එක කියා ගත්ත නිසා තමයි මේ විදිහ වුණේ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න