ජනතා විමුක්ති පෙරමුණ සමඟ විවාද කිරීම අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (06) පෙරවරුවේ අනුරාධපුරයේදී මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ "තමන්ගේ වයසටත් නොගැලපෙන වචන කියමින් තැන තැන පහර පහර යන වැඩේ නතර කර තමන් සමග සජීවී විවාදයකට පැමිණෙන" ලෙස ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් පසුගියදා සිදුකළ අභියෝගයට ප්‍රතිචාර දක්වමින්ය.
කෙසේ වුවත් ජවිපෙ නායකයාගේ අභියෝගය ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණ රජයේ වුවමණාවන් ඉටුකරන බවය.
සබැඳි පුවත
තැන තැන පහරන්නේ නැතිව සජීවී විවාදයකට එන්න : අනුරගෙන් මහින්දට අභියෝගයක්

