රාජ්‍ය සේවක වැටුප මන්ත්‍රී අවම වැටුපට සමාන කරන්න - ලාල් කාන්ත 

රාජ්‍ය සේවක වැටුප මන්ත්‍රී අවම වැටුපට සමාන කරන්න - ලාල් කාන්ත 

රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ අවම වැටුපට සමාන කළ යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත රජයෙන් ඉල්ලා සිටියි.

වත්මන් ආණ්ඩුව යටතේ පමණක් ජීවන වියදම රුපියල් 5,000කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති මොහොතක මන්ත්‍රි වැටුප ඉහළ දැමිය යුතු යැයි මහජන නියෝජිතයන් කරන ඉල්ලීම ලැජ්ජා සහගත බවටද  ලාල්කාන්ත මහතා චෝදනා කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර දැනට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලබන අවම වැටුප වන රුපියල් 54,285ට සමාන අවම වැටුපක් රාජ්‍ය සේවකයාට හිමිවිය යුතු බවත් එය සාධාරණ මෙන්ම තර්කානුකූල ඉල්ලීමක් බවත් පවසා ඇත.

එසේම සේවක වැටුප් ඉහළ දැමීමකින් තොරව මන්ත්‍රි වැටුප ඉහළ දැමීමට කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවද රාජ්‍ය සේවකයාගේ වැටුප පාර්ලිමේන්තු මන්ත්‍රි වැටුපට සමාන විය යුතු බවත් ඔහු  වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න