පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා ඇති රුපියල් කෝටි 13ක් වටිනා බැංකු ගිණුම්වලට අදාළ තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීම් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම සමාගමේ නිතීඥවරුන් වෙත දැනුම්දී ඇත.
ඒ අදාළ නඩුව ඊයේ (06) කැඳවූ අවස්ථාවේ ය. තවද අධිකරණය මගින් අත්හිටුවා ඇති පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අයත් රුපියල් කෝටි 120ක ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර මෙන්ම විධිමත් ලේඛන ඉදිරි දිනයේදී මෙම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය අදාළ නිතීඥ මඩුල්ල වෙත නියම කර තිබේ.
මෙම ගිණුම්වල ඇති මුදල් බැදුම්කර ගනුදෙනුවලට අදාළ මුදල් නොවන බවත් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ මුදල් රුපියල් කෝටි 120ක ගිණුම් සහ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මුදල් රුපියල් කෝටි 13ක ගිණුම් එලෙස අසාධාරණ ලෙසින් එලෙස අත්හිටුවා ඇති බවත් ජනාධිපති නිතීඥ අනිල් සිල්වා සහ ජනාධිපති නිතීඥ කෝලිත ධර්මවර්ධන යන මහත්වරුන් ඉකුත් 02 වැනිදා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබිණී.
ඒ අනුව ඊයේ (06) එම සිද්ධියට අදාළව ලිඛිත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් වූ අවස්ථාවේදී මහේස්ත‍්‍රාත්වරිය එලෙස සඳහන් කර ඇත.

