ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරිම සඳහා නම් කෙරුණු අධීක්ෂණ මන්ත්‍රීන්ට පහසුකම් සැලසීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය කුමන අකාරයෙන්වත් ඉවත දමා නැතැයි සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
අග්‍රමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඉහත කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර ඇත.
අමාත්‍ය මණ්ඩල ක්‍රියා පිළිවෙත අනුව වැඩිදුර අධ්‍යයනය කෙරෙන ඉහත කැබිනට් පත්‍රිකාව ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

