සිරගත ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ මෙහෙයුමක් !

සිරගත ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ මෙහෙයුමක් !

රණවිරුවන් වෙනුවෙන් සටන් කල ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක ප්‍රචාරක මෙහෙයුමක් මේ මොහොතේ ක්‍රියාත්මක වේ. 

තමන් වහන්සේ සටන් කලේ රණවිරුවන් වෙනුවෙන් බවට ඥානසාර හිමියන් විසින් කරන ලදැයි කියන ප්‍රකාශයකට ‘දිවයින’ පුවත්පත පුළුල් ප්‍රචාරයක් ලබාදී ඇති අතර අනෙකුත් පෞද්ගලික මාධ්‍යයන් ද ඊට අනුගතවෙමින් තිබේ. 

මේ අතර  බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරු 9.30ට කොට්ටාව, රුක්මල්ගම ශ්‍රී ධම්මවිජයාලෝක විහාස්ථානයට ගොස් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්යඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමියන් බැහැදැකීමට නියමිතව තිබිණ.

එහිදී සිරගතකර සිටින ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීම බොදුබල සේනා නියෝජිතයින්ගේ අරමුණ වී ඇතැයි වාර්තාවිය.

මේ අතර කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසන්නේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඉදිරිදින කිහිපය තුලදී මහ නාහිමිවරුන් විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න