අගමැතිකම ගන්නවා කියමින් පැමිණි උදවිය අද වන විට ලැජ්ජා නැතිව විපක්ෂ නායකධුරයට පොරකන තැනට වැටී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර විපක්ෂ නායකධුරය සඳහා ද එකිනෙකා කුළල්කා ගනිමින් සිටින බවද පැවසීය.
එසේම ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන ආකාරයට වත්මන් කිසිඳු ජාතික සම්පතක් විකුණා නොමැති බවත් තම පාර්ශවය ආණ්ඩුවේ සිටින තුරු එවැනි කිසිවක් සිදුවීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා පැවසීය.
තවද රටේ අපනයන බිඳවැටී තිබෙන බවට චෝදනා නැගුණත් ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ලැබී ඇත්තේ පසුගිය වසරේ බවත් එම තත්ත්වය මේ වසරේ තවත් ඉහළට ගැනීම රජයේ අපේක්ෂාව බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
එමෙන්ම දැනට ආණ්ඩුව හඳුන්වාදී තිබෙන වැඩසටහන අනුව ඉදිරියේදී පොහොර හිඟයකට හෝ වී විකිණීමේ අර්බුදයටද ගොවියාට මුහුණදීමට සිදුනොවන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

