බැසිල් තමයි මිනිහා : වෙල්ගම නැවතත් කට අරියි !

බැසිල් තමයි මිනිහා : වෙල්ගම නැවතත් කට අරියි !

ගෝඨාභය රාජපක්ෂට වඩා දේශපාලනයට වඩාත් සුදුසු බැසිල් රාජපක්ෂ බව තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

අද වන විට තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට කොන්ද කෙළින් තබාගෙන සිටිය හැකි තත්ත්වයක් නිර්මාණය කර සිටියේද බැසිල් රාජපක්ෂ බවද මන්ත්‍රීවරයා පැවසීය.මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ  විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ය.

ගෝඨාභය රාජපක්ෂ සමඟ තමන්ට ඥාතීත්වයක් පවා ඇති නමුත් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන අයෙකු ලෙස තමන් ඔහුව ජනාධිපති අපේක්ෂකයකු හෝ රටේ නායකත්වයට පිළිනොගන්නා බවද මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම තුළ සඳහන් විය.

කෙසේ වුවත් පිළිගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂකයකු නම් කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ වගකීම බවත් එවැනි නායකයකු වෙත තම උපරිම සහය ලබාදෙන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න