ට්‍රම්ප් ලංකාවටත් බැල්ම හෙළයි ! 

ට්‍රම්ප් ලංකාවටත් බැල්ම හෙළයි ! 

ඇමරිකානු ජනාධිපති ඩොනල් ට‍්‍රම්ප් මහතා විසින් අද  (13)  අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 700 ක ඇමෙරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක් සඳහා අරමුදල් සැපයීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි චීනයේ  සී.ජී.ටී.එන් ප‍්‍රවෘත්ති සේවය ඊයේ  (12) වාර්තා කළේය.

මෙම දැවැන්ත ආරක්ෂක අයවැය මගින් චීනය සහ රුසියාවට එරෙහිව ඇමරිකානු යුද බලය ගොඩනැගීමට ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුවන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ට‍්‍රම්ප්  ජනාධිපතිවරයා ගේ ආරක්ෂක අයවැයට ඉකුත් 02 වැනිදා  ඇමරිකානු මහජන නියෝජිත සභාවේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවී ඇත.
පැසිෆික් කලාපීය නාවික මෙහෙයුම්වලදී චීනය හුදකලා කිරීමට ඇමරිකාව අදහස් කරන අතර, ඇමරිකානු විශ්වවිද්‍යාලවල  විද්‍යා ආයතනවල චීන භාෂා වැඩසටහන්වලට පවා අරමුදල් කපා හැර ඇතැයි එම චීන සී.ජී.ටී.එන් ප‍්‍රවෘත්ති සේවා වාර්තා වේ දැක්වේ.

ඇමරිකාවේ ආරක්ෂක අයවැයේ මීට පෙර තේමාව වූයේ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය වුවත් මෙවර එය ක‍්‍රමෝපාය තරඟකාරීත්වය මත පදනම්වීම විශේෂත්වයකි. ඒ අනුව ආසියා - පැසිෆික් කලාපය කෙරෙහි ඇමරිකාවේ විශේෂ අවධානය යොමු වී ඇත.

එබැවින් මෙවර ආරක්ෂක අයවැයෙන් ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් සමඟ සමීප ආරක්ෂක සහයෝගිතාවක් ගොඩනැගීම සඳහාද මුදල් සැපයීමට කටයුතු කර ඇති බව මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන චීන සී ජී ටී එන් ප‍්‍රවෘත්ති සේවය සඳහන් කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න