දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70 ක්ට වඩා වැඩි පාඩුවක් සිදු වී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ පවසයි.
වැඩ වර්ජන කාලය තුළ මගී ප්‍රවේශපත් නිකුත් නොකිරීම, භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය සිදු නොවීම, තැපැල් දුම්රිය ධාවනය නොවීම, මගී ආසන වෙන් කළ දේශිය හා විදේශිය මගීන් සඳහා මුදල් ගෙවීම හා වායු සමනය කළ ලංගම බස් රථ යෙදවීම නිසා මෙම පාඩුව සිදු වී ඇති බවද ඔහු සඳහන් කර සිටියි.
ලංගමයටත් කෝටියක පාඩුවක්
මේ අතර ලංගම සභාපති රමාල් සිරිවර්ධන සඳහන්කර සිටින්නේ වර්ජනය පැවැති දිනවල දුම්රිය දෙපාර්තමේන්තුව පමණක් නොව ලංගමයද රුපියල් මිලියන දහයකට අධික මුදලක් පාඩු ලබා ඇති බවය.
වර්ජනය පැවැති දිනයේ සිට දවස් පහක් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි දුම්රිය මගීන් ලංගම බස් රථවල නොමිලේ ගෙන යාම මෙන්ම දිනකට කිලෝමීටර් 80,000 කට වඩා ලංගම බස් වැඩිපුර ධාවනය කරන්නට සිදු වීම නිසා මෙම පාඩුව සිදු වු බවද ඔහු සඳහන් කරයි.

