බස්නාහිර පළාත් සභාවේ සභා කටයුතු කාරක සභාව තමන් නියෝජනය කළද කිසිදු අවස්ථාවක බෙල්ජියමෙන් හෝ වෙනත් තැනකින් පුටුවක් රුපියල් 6,40,000කට මිලදී ගත යුතු බවට සාකච්ජාවක් නොවුණු බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි පවසයි.
මිල අධික පුටු මිලදී ගැනීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේදී නිපුනආරච්චි මහතාද එම සභා කටයුතු කාරක සභාව නියෝජනය කළ බවට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.
සභා කටයුතු කාරක සභාව පළාත් සභාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ ගොඩනැගිලි ඉදිකිරීමේදී ඒවායේ මිල තීරණය කරන තැනක් නොවන බවද මන්ත්‍රීවරයා සඳහන්කර සිටියි.
පුටු මිලදී ගැනීම සිදුවන්නේ කාගේවත් මුදල් වලින් නොව බස්නාහිර පළාත් සභාවේ මුදල් වලින් බවත් පළාත් සභාව ආදායම් උපයන්නේ බස්නාහිර පළාතේ ජනතාවගේ බදු මුදලින් බවත් අවධාරණය කරන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ පළාත් සභාව දේපළවලට මහ ඇමතිවරයාට අයිතියක් නොමැති බවය.

