CID ය අද මහින්දගේ ගෙදර

CID ය අද මහින්දගේ ගෙදර

මාධ්‍යවේදී කීත් නොයාර්  පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ඒ අනුව අද(17) දින අදාළ ප්‍රකාශය ලබා ගැනීමට නියමිතය.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී වන අතර මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කළේය.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා  2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ කෲර ලෙස වධ හිංසනයට  ලක් කිරීමෙන් අනතුරුවය.

එසේම මේ වන විටත් අනාවරණයවී ඇති ආකාරයට කතානායක කරු ජයසූරිය සහ කීත් නොයාර් මාධ්‍යවේදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ තුළ පැහැරගැනීම සිදුකළ පාර්ශව ගැන දැනුවත්වීමක් හිටපු ජනාධිපතිවරයාට තිබී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න