ජනාධිපතිවාරණයකට අඩු වයසෙන් ඉදිරිපත් වීමට තිබුන ඉඩකඩ අසුරා කුමන බාධා සිදුකලත් අනාගත දවසක නාමල් රාජපක්‍ෂත් මේ රටේ නායකයා වීම කාටවත් නතර කිරීමට නොහැකි වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ පවසයි.
ඒ 5 වනදා කොළඹ පැවැත්වීමට යන ආණ්ඩුවට එරෙහි විරෝධතාව ගැන නුගේගොඩ පැවති දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් සමග පැවති හමුවක අදහස් දක්වමිනි .
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලු රාජපක්‍ෂ වරුන් 4 දෙනකුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කප්පාදු කිරීමට කර ඇති උත්සාහය ලෝකයේ මානව අයිතිවසිකම් වලට ගරු කරන කිසිවෙකු අනුමත නොකරන බවත් එවැනි ක්‍රියා කාරකම් යහ පාලකයන්ට ද දවසක පාරා වළල්ලක් වනු ඇති බවත් එහිදී ඔහු පවසා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කර ඇත.
‘නීති -රීති ,වධ -බන්ධන වලින් ජනතාවගේ ආදරය දිනා ගත් අයගේ ඉදිරි ගමන නතර කරන්න බැහැ. රට දැන් අරාජික වෙලා තියෙන්නෙ. රටේ බාරකාරත්වය මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත් විය යුතුබව බහුතර ජනයා කියා සිටිනවා. ගමේ නගරයේ ගොවි බිමේ වැඩ බිමේ ඒ හඩ තදින් ඇහෙනවා. කොළබදී ඒ හඩ 5 වෙනිදා ගිගුම් දේවි.
මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජන වරමක් දෙන්න ජනතාව සූදානම්. ඒ අයිතිය අහිමි කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. ඒවා කලබලයට ගෙන ආ නීති. ඒ මගින් බැසිල් ,ගෝඨාභය ,නාමල් යන තිදෙනාටත් බාධක දැම්මා එය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.මානව හිමිකම් , මූලික අයිතිවාසිකම් කප්පාදු කිරීමක්. මේ සංශෝධනයෙන් කරල තිබෙන්නේ රාජපක්‍ෂලාට හිමි දේශපාලන අයිතිය නතර කිරීමපමණක් නොව ජනතාවගේ පරමාධීපත්‍ය බලයට ද පා පහර ගැසීමයි .

