' මං කෙලින් මිනිහෙක්' වාරණය කළ අම්බරුවන්ට එරෙහි වෙමු ! 

' මං කෙලින් මිනිහෙක්' වාරණය කළ අම්බරුවන්ට එරෙහි වෙමු ! 

අසංක සායක්කාරගේ ' මං කෙලින් මිනිහෙක්' වේදිකා නාට්‍යයට ලබාදී ඇති රැගුම්පාලක මණ්ඩල සහතිකය ආපසු කැඳවා ඇති බව වාර්තා වෙයි.

ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය විසින් 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය යටතේ ප්‍රදර්ශනයට අවසර දී තිබු මෙම නාට්‍යයේ ඇතැම් කොටස් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති විවේචන සැලකිල්ලට ගෙන මෙම තහනම පැනවීමට යන බව මීට හේතුවී ඇති බව දැනගන්නට ඇත.

 මෙම නාට්‍යයේ  දර්ශනවාර මේ වන විට අත්හිටුවා ඇති බව නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා දන්වන අතර නාට්‍යට එරෙහිව ගෙනගිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙම වාරණය පැනවී ඇති බවද ඔහු නිවේදනය  සිටියි.

එසේම පවතින බාධාවන් ඉවත්කරගෙන නාට්‍යය නැවත ප්‍රේක්ෂකයින් වෙත ගෙනෙන්නට කටයුතු කරන බවද ඔහු සඳහන් කරයි.

ඒ පිළිබඳ මං කෙළින් මිනිහෙක් නාට්‍යයේ අධ්‍යක්ෂ අසංක සායක්කාර  නිකුත්කර ඇති විවෘත  නිවේදනය පහත දැක්වේ.

පි‍්‍රය මිතුරනි,  

මං කෙළින් මිනිහෙක් නාට්‍යට එරෙහිව ගෙන ගිය කුමන්ත‍්‍රණවල ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලය අප වෙත ලබා දුන් රැගුම්පාලක මණ්ඩල සහතිකය ආපසු කැඳවා ඇත. ඒ අනුව හෙට දිනයේ බොරැල්ල පුංචි තියටර් හි දී සහ අනිද්දා දෙහිවල එස්.ද එස් ජයසිංහ ශාලාවේ පැවැත්වීමට නියමිත ව තිබූ දර්ශනවාර ද්විත්වය අවලංගු කිරීමට සිදු ව තිබේ. පළමුව මේ තත්වය නිසා අපහසුතාවට පත් වන පේ‍්‍රක්ෂක ඔබටත් නාට්‍ය සංවිධායකවරුන්ටත් අපි අපගේ කණගාටුව පළකරන්නෙමු. ඉතාම ඉක්මණින් මේ නෛතික බාධාවන් ඉවත් කරගෙන කෙළින් මිනිහෙක් පේ‍්‍රක්ෂක ඔබ හමුවට පමුණුවන බවට මේ මොහොතේ අපි ඔබට ප‍්‍රතිඥා දෙන්නෙමු. එසේම  අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ ශුද්ධෝත්තමවාදී මෙවැනි අමන කුමන්ත‍්‍රණවලට එරෙහිව පෙරට ඒම සඳහා අපගේ දෑත් අල්ලා ගන්නා ලෙසයි. 

ස්තූතියි.

අසංක සායක්කාර

සංස්කාරක සටහන : ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය විසින් 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය යටතේ ප්‍රදර්ශනයට අවසර දී තිබු නාට්‍යය දර්ශනවාර අත්හිටුවීමට අදාළ තීරණය එහි කොටස් සමාජ ජාල හරහා ප්‍රසිද්ධවීම නම් පළමුව සිදුකළ යුතුව ඇත්තේ "ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය" නියෝජනය කරන උදවිය මානසික ප්‍රතිකාර ගැනීම සඳහා යොමුකිරීමය.

එසේම නාට්‍ය ප්‍රදර්ශනය කිරීම වාරණය කිරීමට අප විරෝධය දක්වන අතර නිර්මාණකරුවෙකුට තම නිර්මාණය කිසියම්හෝ මාධ්‍යක් හරහා ප්‍රකාශයට පත්කිරීමටත් ඒ සම්බන්ධවීමට රසික, ප්‍රේක්ෂක සැමට ඇති අයිතිය වෙනුවෙන් අප පෙනී සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න