තමන්ගේ රාජ්‍ය පාලන සමයේදී පැහැරගෙන ගොස් වධ දෙනු ලැබූ මාධ්‍යවේදියකු නිදහස් කර යැවීමට උපදෙස් දීම පිළිබඳව මතකයක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ (17) රහස් පොලිසියට පවසා තිබේ.
නේෂන් පුවත්පතේ සම සංස්කාරක කීත් නොයාර්ව 2008 මැයි මස 22 වැනිදා රාත්‍රියේ පැහැරගෙන යාම පිළිබඳව මාධ්‍යවේදීන් ද, එවකට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය කරු ජයසුරිය මහතා ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදියා පසුදින ගල්කිස්ස ප්‍රදේශයේ මග දමා ගොස් තිබුනි.
හිටපු අමාත්‍යවරයාට අමතරව මාධ්‍යවේදී ලලිත් අලහකෝන් සහ නේෂන් පුවත් පත මුද්‍රණය කළ රිවිර සමාගමේ සභාපතිවරයා වූ ක්‍රිෂාන්ත කුරේ යන මහත්වරුන් ද පැහැරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන් අය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.
කරුගේ ඉල්ලා අස්වීමට හේතුවක් !
කීත් නොයාර් පැහැර ගැනීම ලැජ්ජාවට පත් විය යුතු කරුණක් බව ඒ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාට කී තමන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමටත් එම අපරාධය හේතු වූ බව වර්තමාන කතානායක කරු ජයසුරිය ප්‍රකාශ කළේ යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ගල්කිස්ස අධිකරණයට වාර්තා කර තිබුනි.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට විජේරාම මාවතේ නිවසට ගිය රහස් පොලිස් නිලධාරීන්ට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබුනේ 2008 මැයි මස 22 වැනිදා රාත්‍රියේ කරු ජයසුරිය අමාත්‍යවරයා සමග කතා කළ දේ “මතක නැති” බවයි.
මාධ්‍යවේදියෙක් නිදහස් කිරීම වරදක් ද ?
කෙසේ වෙතත්, කීත් නොයාර් මහතා නිදහස් කරගැනීමට තමන් මැදිහත් වූ බව විමර්ශනයෙන් පසුව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකින් ඇඟවිනි.
“නිදහස් වෙලා යන එක වරදක් දැ,” යි තමන් රහස් පොලිස් නිලධාරීන්ගෙන් විමසූ බව හිටපු ජනාධිපතිවරයා නිවසින් පිටතදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරී බී එස් පී තිසේරා සහ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් සිටිනු දක්නා ලදී.
විමර්ශනය කෙරෙන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, ජයන්ත වීරසිංහ, අලි සබ්රි, සහ ප්‍රේම්නාත් සී. දොලවත්ත යන නීතිඥවරුන්ද සිටි බව වාර්තා වේ.
මහින්දට අප්සෙට් ද ? : නින්දිත හැසිරීමක්ද ?
මේ අතර තමන්ට මතකයක් නැතැයි හිටපු මහින්ද රාජපක්ෂ රහස් පොලිසියට කල ප්‍රකාශය ඔහු කීත් නොයාර් පැහැරගැනීමේ චෝදනාවෙන් ගැලවීමට කල රඟපෑමක් ද නො එසේනම් සැබෑ ලෙසම ඔහු මතකය අහිමිවීමේ තත්වයකට මුහුණදී සිටින්නේද යන කාරණය බරපතළ ලෙස සැළකිය යුතු කරුණක් වන බව දේශපාලන විචාරකයින් සඳහන් කරයී.
දැනට කීත් නොයාර් සිදුවීම අමතකවීමක් ලෙස හඳුන්වන අතර අනෙක් පසින් ඔහුගේ ජීවිතය බේරා දීමත් වරදක්ද කියා ඇසීම තුළ ඉතා පැහැදිළිව සුදුවෑන් මාෆියාව, මාධ්‍යවේදීන් පැහැරගෙන යාම සේම කීත් නොයාර් පැහැරගැනීම පසුපස සිටි පිරිස කවුද යන්න හිටපු ජනාධිපති දැනසිටි බව තහවුරු කරන බවද ඔවුන් පෙන්වා දෙයි.
අප්සෙට් නම් සමාව දෙන්න ඕන ! : නැතිනම් නීතිය හමුවට ගෙන්විය යුතුයි !
එසේම මේ පිළිබඳ අදහස් දක්වන දේශපාලන විචාරකයින් වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ ඕනෑම අයකු වයසට යාමත් සමග ටිකෙන් ටික මතකය නැති වී යාම සාමාන්‍ය තත්වයක් වුවද රටක් පාලනය ඉල්ලා සිටීමට බලාපොරොත්තුව දේශපාලනඥයකුගේ මතකය අහිමිවීම රටේ සමස්ත ජනතාවට බලපාන තත්ත්වයක් බවය.
ඒ අනුව වයසට යාම නිසා මතකය වේගයෙන් අහිමිවෙමින් පවතිනවා නම් අපකීර්තියට පත්නොවී රාජපක්ෂ මහතාව ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුව ඇති බවද ඔවුන් සඳහන් කරයි.
කෙසේ වුවත් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ ඊයේ හිටපු ජනාධිපති නිල නිවස අසල සිටි ඒකාබද්ධ විපක්ෂයේ එස්.බී දිසානායක වැනි මන්ත්‍රීවරුන් සිදුකල ප්‍රකාශ සලකා බලන විට පෙනී යන්නේ " වුණේ මොකක්ද කියලා රාජපක්ෂ දන්නවා.
හැබැයි එයා කියන්නෙ නෑ. පොලිසිය විකාර කරනවා. ඒ නිසා මොන වරද කළත් රාජපක්ෂට මොකුත් කරන්න බෑ" වැනි අදහසක් බවය.
ඒ තර්කය යහපාලනය යටතේ වලංගු නම් නියත වශයෙන්ම ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනු ඇති බවත් එහෙයින් නීතිය සහ සමාජ යුක්තියේ නාමයෙන් රාජපක්ෂලා ලබා සිටින දණ්ඩමුක්තිය නැති කල යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

