මහින්දට පුළුවන් කතාව බොරුවක් !

 මහින්දට පුළුවන් කතාව බොරුවක් !

මහින්ද රාජපක්ෂ මහතාට 19 වැනි සංශෝධනය අනුව නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බව මතයක් නිර්මාණය කිරීම ටික දිනකට මාධ්‍ය නොමග යැවීම වෙනුවෙන් නිර්මාණය කළ මතයක් බව අනිද්දා සමග අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් පැවසීය.

මහාචාර්ය ජී.එල්.පීරිස් ඒ පිළිබඳව පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළත්, ඒකාබද්ධ විපක්ෂය ඒ සම්බන්ධයෙන් තවමත් කිසිදු එකඟතාවයකට පැමිණ නැති බව එම පක්ෂ නායකයා කීය.

මෙම මාතෘකාව ටික දිනකට මාධ්‍යයට හපන්නට හොඳ යමක් ලෙස එම පක්ෂ නායකයා හැඳින්වීය. මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නීතිමය පසුබිමක් නොවන බව තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ වැඩි දෙනෙකු හොඳින් දන්නා බවද එම පක්ෂ නායකයා පෙන්වා දුන්නේය. තමන් ඒ පිළිබඳව ජී.එල්.පීරිස් මහාචාර්යවරයා සමඟ සාකච්ඡා නොකළත්, මෙය පදනම් විරහිත නීති තර්කයක් බව පීරිස් මහාචාර්යවරයා නොදැන සිටීමට හේතුවක් නැති බව එම පක්ෂ නායකයා කීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කර ඇත. ඒ පිළිබඳ විමසීම සඳහා මහාචාර්ය පීරිස් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත්, ඔහු දින කිහිපයකට විදේශගත වී ඇතැයි ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග පැවසීය.

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න