ජාතික සමඟිය සහ සංහිඳියාව තහවුරු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන ඊයේ (24) පදියතලාව ශ්‍රී මහ බෝධි විහාරස්ථානයේ දී සහ තංගල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.
ජාතික සමඟිය සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් "අහන්න" ගෙන එන පණිවිඩය සමඟ ප්‍රදේශවල ජනතාව ඉතා උනන්දුවෙන් සංවාදශීලීව එක්වන බවක්ද දැනගන්නට ඇත.
මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින "අහන්න" වැඩසටහන අද (25) උදෑසන 10.00 ට බිබිල - විජයමුණි සොයිසා සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සහ හවස 3.00 ට අම්බලන්තොට - අල් අක්බාර් මහා විද්‍යාලයේ දී පැවැත්වේ.

