බැසිල්ගේ ගේම් නිසා දේශීය කිරි කර්මාන්තය අනතුරේ !

බැසිල්ගේ ගේම් නිසා දේශීය කිරි කර්මාන්තය අනතුරේ !

බැසිල් රාජපක්ෂ  ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ  පශ්‍ර සම්පත් මණ්ඩලය හරහා ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරි හරකුන් මඟින් දරුණු රෝග දෙකක් මෙරට කිරි හරකුන් හට බෝවෙමින් තිබෙන බව මේ වනවිට හඳුනාගෙන ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසයි.

 ඔහු පවසන ආකාරයට ඩොලර් බිලියන 8ක් වියදම් කර මෙරටට ගෙන ආ කිරි ගවයින් 5,000 අතුරින් දරුණු තත්ත්වයේ රෝග නිසා කිරි ගවයින් 200ක් පමණ මේ වන විට  මියගොස් ඇති අතර පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ගවයන් සියල්ල රෝග නිරෝධායන පරීක්ෂණයක් සඳහා භාජනය කිරීමෙන් අනතුරුව BBG නම් පාචන රෝගයක් සහ පැසියෝලා පෙසටිකා නම් අක්මා හානි වීමෙන් මෙසේ කිරි ගවයන් මියයන බව අනාවරණය කරගෙන ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට කිරි ගවයන් ඕස්ට්‍රේලියාවෙන් හා නවසීලන්තයෙන් ගෙන්වීම පිළිබඳ යෝජනාවක් ගෙන එනුයේ 2006දී වන අතර කිරි ගවයන් ආනයනය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතියට මුලපුරන්නේ එවකට ඇමතිව සිටි එස්. තොණ්ඩමන්ය. ඊට අදාළව කිරිදෙනුන් 4,500ක් ලංකාවට ගෙන එනුයේ 2011දීය. 

කෙසේ වෙතත්, කිරි ගවයින් ගෙන්වීමේ කටයුත්ත බැසිල් රාජපක්ෂ භාර ගන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහාය. ඒ අනුව 2012දී ගවයන් 500ක්ද, 2013දී 1500ක් සහ 2000ක් වශයෙන් අවස්ථා දෙකකදී ආනයනය කර ඇත. මේ වනවිට බරපතළ රෝගී තත්ත්වය වාර්තා වී තිබෙන්නේ එම කිරි ගවයින්ගෙනි.

දශ ලක්ෂයකට වැඩි කිරි ගවයින් සංඛ්‍යාවක් මෙරට සිටින අතර පවුල් ලක්ෂ ගණනක් කිරිගව පාලනය ජීවිකාව කරගෙන සිටී. වාර්තාවන රෝගී තත්ත්වය නිසා දශ ලක්ෂයක් වූ කිරි ගවයින්ගේ ජීවිතද අවදානමට ලක් ව තිබෙන බව එම ක්ෂේත්‍ර යේ ආරංචිමාර්ග කියයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න