"දේශප්‍රේමී කැරැල්ලෙන් - සංවර්ධන සංග්‍රාමයට" මොණරාගල සූදානම් !  

"දේශප්‍රේමී කැරැල්ලෙන් - සංවර්ධන සංග්‍රාමයට" මොණරාගල සූදානම් !  

ව්‍යාපාරික පාරාදීසයක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළේ තවත් අදියරක් ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී  ලංකා ප්‍රදර්ශනය අගෝස්තු    29 , 30 සහ 31 යන දිනවල පැවැත්වීමට නියමිත අතර මේ වන විට ඊට අවශ්‍ය සියළු කටයුතු සුදානම් වෙමින් ඇති බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී එස් පද්මකුලසූරිය  තහවුරු කර සිටියි.

අගෝස්තු 29 වන බදාදා පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  ප්‍රදර්ශනය විවෘත කිරීමට නියමිත බවත් එම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ඇතුළු මැති ඇමතිවරුන් හා රජයේ නිලධාරීන් රාශියක් සහභාගීවීමට නියමිත බවද ඇය සඳහන් කරයි.

ලාංකේය තාරුණ්‍යට අතිශය වැදගත් ව්‍යවසායක දැනුම අඩුවකින් තොරව ලබාදීම ඇතුළු කලාප 12 ක් හා කුටි 515 ක් ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබෙන බවද ඇය සඳහන් කර සිටියි.
දේශප්‍රේමී කැරැල්ලෙන් සංවර්ධන සංග්‍රාමයට  

දේශප්‍රේමී කැරැල්ලෙන් සංවර්ධන සංග්‍රාමයට යන තේමාව යටතේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත අතර  දින 3ක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනයට අතිවිශාල ජනතා සහභාගිත්වයක් අපේක්‍ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එසේම  ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමටයි රජය පියවර ගෙන ඇති බවත් ප්‍රදර්ශන භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන්කර සිටියි.

ග්‍රාමීය සංවර්ධනයට මුල්තැන දෙමින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙය ක්‍රියාවට නංවා ඇති අතර  ව්‍යවසායකයින් ලක්‍ෂයක් අලුතින් බිහි කිරීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණයි. ඉන් ප්‍රතිලාභ ලැබූ ව්‍යවසායකයින් බොහෝ පිරිසක් ස්වශක්තියෙන් නැගී සිටිමින් මේ වන විටත් සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවද අමාත්‍යංශ ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

39811507 1458038240963836 1539305081906659328 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න