ගෝඨාභය ඇතුළු 7කට  නොතීසි !

ගෝඨාභය ඇතුළු 7කට  නොතීසි !

ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට සැප්තැම්බර්  මස 10 වනදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (27) නොතිසි නිකුත් කර ඇත.

රාජපක්ෂ රෙජීම පාලන සමයේ  ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන හතළිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය කොළඹ විශේෂ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඊට අනුව මෙම නොතීසි නිකුත් කිරීම සිදුකර ඇත. 

ඒ අනුව මෙය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන දෙවන නඩුව වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න