මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ නඩුව අද (27) කැඳවූ අවස්ථාවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත්කර ඇත.
2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකරව පසුගිය අප්‍රේල් මස 05වනදා අත්අඩංගුවට ගනු ලැබිණ.

