2019 වසර සඳහා වු නිවාඩු දින සහිත අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය ජුනි මාසයේදි නිකුත් කෙරුණු අතර ඊට සංශෝධනයන් එක් කර බැංකු නිවාඩු තුනක් සහිත විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරිමට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පියවර ගෙන ඇත.
ඊට අදාළ ගැසට් පත්‍රය 2018 අගොස්තු මස 23 වැනිදා නිකුත්කර ඇත.
ඒ අනුව 2019 වසරේ අප්‍රේල් 15, මැයි 20 හා නොවැම්බර් 11 යන සඳුදා දිනයන් බැංකු නිවාඩු දින ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
2019 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය අප්‍රේල් 14 දින ඉරිදා දිනයක් වන අතර, වෙසක් පුර පසළොස්වක දිනය යෙදෙන මැයි 19 ද ඉරිදා දිනයක් වන අතර නබි නායකතුමාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 10 දා ඉරිදා දිනයකි.
මේ අනුව ඉහත නිවාඩු දිනයන් ඉරිදාවන්ට යෙදී ඇති බැවින් එම දිනවලට පසුව එළඹෙන සඳුදාවන් බැංකු නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. අමාත්‍යවරයා නිකුත්කළ අදාළ ගැසට් පත්‍රය පහත දැක්වේ.

