ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි : CID අත්අඩංගුවට ?

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි : CID අත්අඩංගුවට ?

රාජපක්ෂ පාලන සමයේදී කප්පම් ගැනීම වෙනුවෙන්  තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළැයි කියන සිදුවීමට අදාළව  සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර සිටින නාවුක හමුදාවේ ලුතිනන් කර්නල් සම්පත් හෙට්ටිආරච්චිට විදේශගතවීම සඳහා  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහය දක්වා ඇති බවට  පැහැදිළි  සාක්ෂි ඇති බැවින් ඔහු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත්ව තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය නිකුත්කර ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න  විසින් වන අතර ඒ අද (29) එම නඩුව කැඳවූ අවස්ථාවේය.

ඒ අනුව වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඉතා නුදුරේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න