අජිත් ප්‍රසන්නගේ බොරු ෂෝ : අධිකරණය හමුවේ ඔප්පු වෙයි

අජිත් ප්‍රසන්නගේ බොරු ෂෝ : අධිකරණය හමුවේ ඔප්පු වෙයි

අදාළ පාර්ශවයන්ගේ නිසි අවසරයකින් තොරව විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න විසින් අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධව සාවධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත්කර තීන්දුවක් ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙතින් ඉල්ලා ඇත.

ඒ රාජපක්ෂ පාලන සමයේදී කප්පම් ගැනීම වෙනුවෙන්  තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළැයි කියන සිදුවීමට අදාළව නාවුක හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව  පවරා ඇති  නඩුව අද (29) කැඳවූ අවස්ථාවේ ය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර පාර්ශවයේ  ලුතිනන් කර්නල්  චන්දන ප්‍රසාද්  හෙට්ටිආරච්චි වෙනුවෙන්  පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න නියෝජනය කරමින් ඉදිරිපත් වූ නීතිඥයා පවසා ඇත්තේ පසුගිය නඩු වාරයක තම සේවාදායකයා වෙනුවෙන් යැයි කියමින් මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න දක්වා ඇති අදහස් පිළිනොගන්නා බවත් තම සේවාදායකයා කිසිම ආකාරයකින් නියෝජනය කිරීමට අවස්ථාවක්  අජිත් ප්‍රසන්නට ලබාදී නොමැති බවය.

මෙහිදී අපරාධ පරීක්ෂණ නිලධාරීන් ආධිකරණයට දැන්ව ඇත්තේ ගල්කිස්ස අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුත්තකදී ද අජිත් ප්‍රසන්න සම්බන්ධව මෙවැනිම තත්ත්වයක්  බවත්, දැනුම් දුන්නද ඔහු සාවධ්‍ය ලෙස පාර්ශවයක නීතිඥයකු බව පවසමින් නඩුව සම්බන්ධව විවිධ අසත්‍ය ප්‍රකාශ නිකුත් කර ජනතාව නොමග යවන බවය. එසේම එය නඩු කටයුතු සහ විමර්ශන කටයුතු වලටද බාධාවක් බැවින් ඔහු සම්බන්ධව තීරණයක් ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වන ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න