ව්‍යාපාරික පාරාදීසයක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළේ තවත් අදියරක් ලෙස ක්‍රියාවට නංවන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට (29) ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අද (28) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර එම ස්ථානයට පැමිණ සිටියේය.
අගෝස්තු 29 , 30 සහ 31 යන දිනවල පැවැත්වීමට නියමිත එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයර් සමාරම්භය හෙට පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිත අතර එම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ඇතුළු මැති ඇමතිවරුන් හා රජයේ නිලධාරීන් රාශියක් සහභාගීවීමට නියමිත බවද වාර්තා වෙයි.
ලාංකේය තාරුණ්‍යට අතිශය වැදගත් ව්‍යවසායක දැනුම අඩුවකින් තොරව ලබාදීම ඇතුළු කලාප 12 ක් හා කුටි 515 ක් ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබෙන අතර දේශප්‍රේමී කැරැල්ලෙන් සංවර්ධන සංග්‍රාමයට යන තේමාව යටතේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මෙසේ මොනරාගල දිස්ත්‍රික්කය පදනම් කරගෙන පැවැත්වේ.
ප්‍රදර්ශනය 29.30,31 යන තෙදින තුළ පෙරවරු 10.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වෙයි.
{gallery}v2025{/gallery}

