පරාජිත රාජපක්ෂ කල්ලිය : යළිත් ජාතිවාදය වපුරයි !

පරාජිත රාජපක්ෂ කල්ලිය : යළිත් ජාතිවාදය වපුරයි !

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සතුව තිබූ අවි ආයුද තොගයක් මුස්ලිම් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතට පත්වී ඇති බව පැවසෙන පුවත පරාජිත රාජපක්ෂ කල්ලියේ  ජාතිවාදය වපුරා  ජාතික සමඟියට හානි පැමිණවීමේ අපේක්ෂාවෙන් කරන දුෂ්ට දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු පැවසීය.

අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සිදුකල ප්‍රකාශයක් සම්බන්ධව විමසූ අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රකාශකයා මෙසේ පැවසීය.

 එල්ටීටීඊ අවි පිට ගියානම් ඒ රාජපක්ෂ පාලනය යටතේ !

අද මාධ්‍ය හමුවේදී මුසම්මිල් සඳහන් කර සිටියේ  පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සතුව තිබූ අවි ආයුද තොගයක් මුස්ලිම් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් අතට පත්වී ඇති බවත්   ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

විමුක්ති කොටි නමින් පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සමාජිකයන් පිරිසක් විසින් සිදු කල ප්‍රකාශයක් මුල් කර ගනිමින් ඒ මහතා මේ බව පැවසීය.
එම පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පැවසු පරිද ආයුධ 5000කට වැඩි ප්‍රමාණයක් මෙලෙස ආණ්ඩුවේ අමාත්‍යවරුන් අතර බෙදා දි ඇති බවද මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසීය.

නමුත් ආණ්ඩුවේ ප්‍රකාශකයා සඳහන්කර සිටින්නේ යහපාලන ආණ්ඩුව විසින් ජාතීන් අතර සංහිඳියාව තහවුරු කරමින් රට සංවර්ධනය කිරීමේ මාවතට යොමු කිරීම සඳහා දියත්කර තිබෙන උපායමාර්ගික වැඩපිළිවෙල අර්බුදයට යැවීමට සහ ඒ සමඟ ජනතාව බද්ධවීම වැළක්වීමේ දුෂ්ට චේතනාවෙන් අදාළ අසත්‍ය පුවත නිර්මාණය කර ඇති බවය.

එසේම පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ සාමාජිකයන් සතුවපැවති ගිනිඅවි රජයේ ආරක්ෂක අංශ හැර  කිසියම් වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමක් සිදුව ඇත්නම් එය සිදුවී ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ බවත් එසේ අවි මුදාහැරීමක් සිදුකර තිබේනම් ඒ ගැන ආරක්ෂක අංශ අවධානය යොමුකරනු ඇති බවද ආණ්ඩුවේ ප්‍රකාශයකයා සඳහන් කර සිටියි.

මේ ජාතිවාදීන් ගැන ජනතාව අවධියෙන් සිටිය යුතුයි !

සුදුවෑන් සංස්කෘතිය ඇතුළුව නිල සහ නිල නොළත් ආයුධගත් පිරිස් වල සේවය ලබාගෙන රටේ කීර්තිනාමය විනාශ කරනු ලැබුවේ රාජපක්ෂ රෙජීමය බවත් ඒකාධිපති පවුල් වියරුවට රට පාලනය කිරීමට එවැනි නීති විරෝධී කල්ලි කණ්ඩායම් අවශ්‍ය වුවද වත්මන් යහපාලන ආණ්ඩුව රට ගොඩනැගීමට පදනම් කරගෙන ඇති ප්‍රධාන කුළුණු දෙකක් වන සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයට යැවෙන කිසිඳු කටයුත්තක් සිදුවීමට ඉඩනොතබන බවද ඔහු පවසයි.

එමෙන්ම යහපාලන ආණ්ඩුව සියළුම වර්ගයේ ජාතිවාදයන් ප්‍රතික්ෂේප කරන අතර ජාතික සාමය සහ සංහිඳියාව වෙනුවෙන් පමණක් කැපවෙන බවද ඔහු පැවසීය.

එහෙයින් ජාතිවාදය වපුරා නැවත රටම ලේ විලක් කරන්නට වෙර දරන මේ පහත් උත්සාහය පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතු බවද ඔහු පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න