විකල්ප අයවැයක් සැදීම PB ට පවරලා !

විකල්ප අයවැයක් සැදීම PB ට පවරලා !

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා මේදිනවල 2019 වර්ෂය සඳහා අයවැය ලේඛනයක් කෙටුම්පත් කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

එම විකල්ප අයවැය ලේඛනය කෙටුම්පත් කරන්නේ ඉහල දේශපාලනඥයකුගේ ඉල්ලීම මත බවද පැවසේ. 

මෙසේ විකල්ප අයවැයක් පිලිබඳ රාවයක් පැතිර යන්නේ, ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායම යහපාලන ආණ්ඩුවේ අයවැය පරාජය කිරීමට රහස් සාකච්ජා පවත්වමින් සිටින මොහොතක දීය.

මේ අතර මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා  අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් සමග එක්වී මේවනවිට නොවැම්බර් 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2019 අයවැය ලේඛනය පිළියෙළ කරමින් සිටියි.

අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 08 

අය වැය යෝජනාවලිය නොවැම්බර් 05 දා ඉදිරිපත් කර දෙසැම්බර් 08 දා දක්වා පැවැත්විමට රජය මේවනවිට තීරණය කර තිබේ.

දින 26 ක කාලයක් අය වැය විවාදය පැවැත්වෙන අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා විසින් නොවැම්බර් මස 05 දා සවස අය වැය කතාව ඉදිරිපත් කරන අතර පාර්ලිමේන්තුව පස්වරු 2.00 ට රැස්විමට නියමිතය.

නොවැම්බර් මස 07 දා සිට නොවැම්බර් මස 14 දා දක්වා අය වැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙන අතර 14 දා සවස අය වැය දෙවනවර කියවිමේ ඡන්ද විමසිම පැවැත්වෙනු ඇත. 

ඉන් පසු අමාත්‍යංශ වැය ශිර්ෂයන් පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ. සෙනසුරාදා දිනයන්හිද විවාදය පැවැත්විමට නියමිතය.

දෙසැම්බර් 08 දා අය වැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න