මෛත්‍රී - මහින්ද : හවුල් ආණ්ඩුව නොවැම්බරයේ !

මෛත්‍රී - මහින්ද : හවුල් ආණ්ඩුව නොවැම්බරයේ !

යහපාලන ආණ්ඩුව වෙනුවට ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම නොවැම්බර් මාසයේ සිදුකිරීමට සැළසුම් කෙරෙමින් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විටත් ඊට අදාළ මූලික සාකච්ඡා සිදුකර අවසන්ව ඇති බවත් නව භාරකාර රජයට අවශ්‍ය ව්‍යවස්ථානුකූල අනුමැතිය ගැනීම සඳහා  ගතයුතු ක්‍රියාමාර්ග ගැන  මේ වන විට අවධානය යොමුව ඇති බවද දැනගන්නට ඇත.

ඔක්තෝබර් 10 තවත් සාකච්ඡාවක් !

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව ලබන 10වැනිදා රැස්වීමට කටයුතු යොදා ඇති අතර මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින සියලූ පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිතය බවද වාර්තා වෙයි.

 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු රැසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සම්බන්ධ කර ගනිමින් නව ගමනක් යා යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉකුත් දා පැවති සන්ධාන විධායක සභාවේදී ප්‍රකාශ කර තිබිණ.

එහිදී ඒ සඳහා සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කෙරුණේ ඉන් පසුවය. ලබන 10වැනිදා රැස්වන එම කමිටුව දින 14ක් ඇතුළත ගැටලූ නිරාකරණය කිරීම සඳහා වාර්තාවක් ලබා දිය යුතුව ඇත.

මේ අතර ලබන අයවැයට පෙර නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමටත් අනතුරුව මාස 06ක් ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් ශ්‍රීලනිපයේ 15 කණ්ඩායමේ කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයිද  දේශපාලන ආරංචිමාර්ග පවසයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න