ඕනෑම හදිසි අවස්ථාවකට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සූදානම් - වජිර

ඕනෑම හදිසි අවස්ථාවකට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සූදානම් - වජිර

ඕනෑම හදිසි ආපදා තත්ත්යකට මුහුණ දීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සූදානම්ව සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන  පවසයි.

මේ වනවිට අධික වැසි හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක ආපදා තත්ත්වයක් හටගෙන ඇති බැවින් ජනතාව වඩාත් ආරක්ෂාකාරී තත්ත්වයක්ට පත්කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය සහන සැපයීමටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා  කියා සිටියේය.

ගංවතුර සහ වැසි ජලය බැස නොයාම හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවී කොටුවී සිටින පුද්ගලයන් බේරා ගැනීමට ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටියි. මේ අතර පීඩාවට පත්ව සිටින පුද්ගලයන්ට පිසූ ආහාර, පානීය ජලය, වියළි ආහාර සහ ඖෂධ ලබාදීමේ කටයුතු ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරමින් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පුද්ගලයන් ඒ බව තම පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට හැකි ඉක්මණින් දැනුම් දෙන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න