අත්අඩංගුවට ගනුලැබූ විජයකලා: ඇප මත නිදහස් ! 

අත්අඩංගුවට ගනුලැබූ විජයකලා: ඇප මත නිදහස් ! 

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නඟා සිටුවිය යුතු බවට උතුරේ පැවැති පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී  ප්‍රකාශයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද(08) පෙරවරුවේ අත්අඩංගුට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයකටයුතු කර ඇත.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා අධිකරණයෙන් දන්වා සිටියේ පරීක්ෂණ කටයුතු අවසන් කර නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකාරිය අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කරන මෙන්ද මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා ඉදිරිපත් කරන හේතු මොනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ එවැනි සුවිශේෂ කරුණු කිසිවක් නොමැති බවත් මෙම සැකකාරිය මහජන නියෝජිතවරියක බැවින් අධිකරණය මඟ හැර යා හැකි බවට පූර්ව නිගමනයක් ඇති කරගත නොහැකි බවද කියා සිටියේය.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික ලෙස ඉල්ලා සිටින ආකාරයට මෙම සැකකාරියද රිමාන්ඩ් බවට පත් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණය ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකාර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහල අතර පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 7 වනදා කැඳවීමට නියම කළේය.

එදින සැකකාරිය සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ගය මොනවාද යන්න අධිකරණය දැනුවත් කරන ලෙසද  මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න