"මෛත්‍රී - මහින්ද" රාත්‍රී භෝජන සංග්‍රහයක  : එස්.බී ගෙන් අති විශේෂ නිවේදනයක් !

"මෛත්‍රී - මහින්ද" රාත්‍රී භෝජන සංග්‍රහයක  : එස්.බී ගෙන් අති විශේෂ නිවේදනයක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර තමාගේ නිවසෙහිදී කිසිදු සාකච්ඡාවක් නොපැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

වත්මන් ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මගේ නිවසේ කිසිදු සාකච්ඡාවක් පැවැත්වූයේ නැති බව මම අවධාරණයෙන් ප්‍රකාශ කරමි.

එහෙත් මගේ නිවසේ පැවැත් වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බව නම් සත්‍යයකි.

එහිදී කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ අතර එදින සහභාගී වී සිටි අනිකුත් මන්ත්‍රීවරුන් සමඟ හුරුපුරුදු ලෙස රටේ පවතින ආර්ථික අර්බුදය හා අනාරක්ෂිත බව ගැන සාමාන්‍ය කතාබහක් ඇති විය.

එතකොට මෛත්‍රී ජනාධිපති ?

කෙසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක නිකුත්කළ නිවේදනයේ අදාළ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපතිවරයා සහභාගී නොවූ බවක් සඳහන් කර නොමැත. 

එසේම මීට පෙර මේ සම්බන්ධව මාධ්‍ය විමසූ අවස්ථා වලදීද එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා අදාළ සාකච්ඡාව සිදුනොවූ බවක් ප්‍රකාශකර නොතිබූ අතර ඒ වෙනුවට ඔහු සඳහන්කර තිබුණේ "මෛත්‍රී මහත්තයා සහ මහින්ද මහත්තයා අවශ්‍ය අවස්ථාවලදී  ඕනෑතරම් මුණගැසී සාකච්ඡා කරන බව" ය.

image 4fd62ef07b

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න